COVID-19 වෛරසය සදහා ආසාදන වැළැක්වීම සහ පාලනය(IPC)

Go to class
Write Review

COVID-19 වෛරසය සදහා ආසාදන වැළැක්වීම සහ පාලනය(IPC) provided by OpenWHO is a comprehensive online course. Upon completion of the course, you can receive an e-certificate from OpenWHO. The course is taught in Sinhalaand is Free Certificate. Visit the course page at OpenWHO for detailed price information.

Overview
  • මෙම පාඨමාලාව මගින් නව කොරොනා වයිරස් වැනි මතු වෙමින් එනශ්වසන වෛරසයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතු තත්ත්වයන් මොනවාද, එය සිදුවූ වහාම එය හඳුනා ගන්නේ කෙසේද සහ සෞඛ්‍ය සේවකයිනට හෝ වෙනත් රෝගීන්ටසහ සෞඛ්‍ය සේවා ස්ථානයේ සිටින අනෙක් අයට තවදුරටත් සම්ප්‍රේෂණය නොවන බවටසහතික කිරීමට IPC පියවර නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳතොරතුරු සපයයි.

    මෙම පුහුණුව සෞඛ්‍ය සේවකයින් සහ මහජන සෞඛ්‍ය වෘත්තිකයින් සඳහා වන අතරඑය ආසාදන වැළැක්වීම සහ පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

    මෙම පාඨමාලාව 2020 ජූනි මාසයේ සිට යාවත්කාලීන කර නොමැත. නවතම මග පෙන්වීම සඳහා කරුණාකර පාඨමාලාවේ ඉංග්‍රීසි අනුවාදය වෙත යොමු වන්න.

Syllabus
  • Course information

    මෙම පුහුණුව පහත භාෂාවලින් ද ලබා ගත හැකිය:

    English - русский - 日本語 - français - Bahasa Indonesia - Español - Português - Italiano - српски језик - 中文 - македонски јазик - Türkçe - język polski - Tiếng Việt - العربية - Nederlands - Tetun - বাংলা - فارسي - Soomaaliga - ภาษาไทย -தமிழ் - Казақ тілі

    දළ විශ්ලේෂණය:

    මෙම පාඨමාලාව මඟින් ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ (IPC) පියවර ආවරණය කෙරේ:

    • COVID-19 නිසා ඇති වන රෝගයට ප්‍රතිචාර දැක්වීමට පෙරදැක්මෙන් යුතුව සූදානම්ව සිටීම.
    • WHO නිර්දේශිත IPC මැදිහත්වීම් ක්‍රියාත්මක කිරීම මගින් මිනිසෙකුගෙන් මිනිසෙකුට සම්ප්‍රේෂණයට සීමා කිරීම.
    • රෝගය ආසාදිත යැයි සැකකෙරෙන සහ තහවුරු කරන ලද රොගීන් හඳුනා ගැනීම, හුදකලා කිරීම සහ වාර්තා කිරීම

    මෙම මාතෘකාව තවදුරටත් හැදෑරීමට ඔබට උපකාර කිරීම සඳහා එක් එක් මොඩියුලයට මූලාශ්‍ර අමුණා ඇත.

    ඉගෙනුම් අරමුණු:

    මේ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් ඔබට පහත දෑ හැකි විය යුතු ය:

    • පෙරදැක්මේ, සූදානමේ සහ ප්‍රතිචාරයේ සන්දර්භය තුළ IPC සහ එහි භූමිකාව නිර්වචනය කිරීම;
    • රෝගී අර්ථ දැක්වීම්, සංඥා සහ රෝග ලක්ෂණ ඇතුළුව වත්මන් COVID-19 වසංගත තත්ත්වය විස්තර කිරීම;
    • ප්‍රභව පාලනය, මෙහෙයුම් පාලනය සහ පාරිසරික හා ඉංජිනේරු පාලනයන් විස්තර කිරීම;
    • COVID-19 ඇතැයි සැක කෙරෙන හෝ තහවුරු වූ රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඇතුළුව සෞඛ්‍ය සේවා පරිශ්‍ර සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත IPC ක්‍රියාමාර්ග විස්තර කිරීම;
    • සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් තුළ සාමාන්‍ය සූදානම සඳහා සහාය වීම සඳහා ගත යුතු අතිරේක IPC ක්‍රියාමාර්ග විස්තර කිරීම.

    පාඨමාලා කාලය : ආසන්න වශයෙන් පැය 1ක්.

    සහතික : පාඨමාලා කරුණු වලින් 100% ක් සම්පූර්ණ කරන සහභාගිවන්නන් සඳහා සහභාගීත්වය තහවුරු කිරීමක් ලබා ගත හැකිය.

    මේ පාඨමාලාව සම්පූර්ණ කිරීමෙන් පසු, ඔබ COVID-19 සන්දර්භය තුළ පුද්ගල ආරක්ෂක ආම්පන්න (PPE) නිවැරදිව පැළදීම සහ ඉවත් කිරීම සිදු කරන්නේ කෙසේදැයි ඉගෙනීමට උනන්දු වේ නම් කරුණාකර OpenWHO පවත්වන පාඨමාලාවට පිවිසෙන්න: COVID-19: How to put on and remove personal protective equipment (PPE) https://openwho.org/courses/IPC-PPE-EN

    ඔබ අත්වල සනීපාරක්ෂාව නිවැරදිව සලසා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට උනන්දු නම් OpenWHO පාඨමාලාවක් වන : https://openwho.org/courses/IPC-HH-en වෙත පිවිසෙන්න.

    2020 වසරේ Infection Prevention and Control (IPC) for COVID-19 Virus පාඨමාලාව සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මේ පරිවර්තනයේ අඩංගුව හෝ නිවැරදිභාවය වෙනුවෙන් ලෝක සෙඛ්‍ය සංවිධානය වග කියනු නොලැබේ. ඉංග්‍රීසි පෙළ සහ සිංහල පරිවර්තනය අතර කිසියම් හෝ නොගැළපීමක් වේ නම් ඉංග්‍රීසි පිටපත විශ්වාසවත් මූලාශ්‍රය ලෙස සැලකිය යුත්තේ ය.

    Course contents

    • 1වැනි මොඩියුලය: පෙරදැක්ම සහ සූදානම සහ IPC:

      මෙම මොඩියුලය පෙරදැක්ම හා සූදානම සඳහා ආසාදන වැළැක්වීමේ සහ පාලන ක්‍රියාමාර්ග පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයයි.
    • 2වැනි මොඩියුලය: COVID-19 වෛරසය:

      දෙවැනි මොඩියුලය COVID-19 වෛරසය හදුන්වා දෙයි.
    • 3වැනි මොඩියුලය: COVID-19 සංදර්භය තුළIPC සම්මත පූර්වාරක්ෂණයන්, සම්ප්‍රේෂණ මත පදනම් වූ පූර්වාරක්ෂාවන් සහ COVID-19 විශේෂිත නිර්දේශයන්:

      මෙම මොඩියුලය COVID-19 සඳහා සූදානම් වීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට ගත යුතු විවිධ පූර්වාරක්ෂාවන් සමාලෝචනය කරයි.